දෑස් නොපෙනුනත් ජීවිතය ජය ගැනීමේ අභියෝගය අත් නොහැරි දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා ගැනීමට සමත් වුණා. කුලියාපිටිය අස්වැද්දුම සුභාරති කණිෂ්ට විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය ලබමින් සිටි ශාලුක හේෂානුයි මෙම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණේ.
අක්කලා දෙදෙනෙකු සහ අයියා කෙනෙකුට මැදිව පවුලේ බාලයාව ඉපදුනු ශාලුකගේ පෙනීම දුර්වල වීමට පටන් ගන්නේ කලකට ඉහතදීයි. පාසලට ඇතුළු වූ පළමු වසරේ සිට විවිධ සැත්කම්වලට භාජනය වන ශාලුක ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන වසරේත් රෝහල්ගතව ප්‍රතිකාර ගත්තා. බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්ව විභාගය ජය ගැනීමට විශාල පිහිටක් වූයේ ශාලුකගේ විශිෂ්ට මතක ශක්තියයි. මනා පෞරුෂයක් තිබූ ශාලුක පාසලේ ඕනෑම රැස්වීමක ක්ෂණික කතාවක්, සිංදුවක්, ගීතයක් වැනි දෙයක් ඉදිරිපත් කිරීමට නොපැකිලව ඉදිරිපත් වුණා. ඔහුගේ ජයග්‍රහණයට යහළුවන්,සහෝදර සහෝදරියන්, දෙමව්පියන් වගේම ගුරුවරුන්ගෙන් ලැබුණේ සුවිශාල උපකාරයක්.
The post දෑස් නොපෙනුනත් ජීවිතය ජය ගැනීමේ අභියෝගය අත් නොහැරි ශාලුක appeared first on ITN News.
Post a Comment