2 වන පැරකුම් රජ දවසින් පසු ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ පඩු පෙවීමේ මංගල්‍යය හා කඨින මහා පිංකම පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. කඨින චීවරය විවීමේ කටයුතු මැදිරිගිරිය බිසෝපුරදී අද ආරම්භ කෙරුණා.
රාජ්‍ය අනුග්‍රහය යටතේ කඨින චීවර පඩුපෙවීම හා කඨින මහා පිංකම ලබන 7 සහ 8 යන දෙදින තුළ ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වෙනවා. රාජ්‍ය කඨින මහෝත්සවය සදහා කඨින චීවරය නිර්මාණය කිරීමේ වගකීම පවරා ඇත්තේ බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් අමාත්‍යාංශයටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත කඨින චීවරය සදහා නූල් භාර දීම පසුගියදා සිදු කළා. ඒ අනුව කඨින චීවරය විවීම සදහා අවශ්‍ය වන කපු නූල් ප්‍රදානය හා චීවරය විවීමේ මංගල්‍යය ඇරඹීම මැදිරිගිරිය බිසෝපුර පිහිටි දේශීය අත්යන්ත්‍ර නිෂ්පාදන ආයතනයේදී රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා. ඒ මැදිරිගිරිය බිසෝපුර ගම්වැසියන්ගේ දායකත්වයෙන්. මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේයි එම වැඩසටහන ආරම්භ කෙරුණේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මෙවර පඬු පෙවීමේ මංගල්‍යය හා කඨින මහා පිංකම රාජ්‍ය අනුග්‍රාහකත්වය යටතේ appeared first on ITN News.
Post a Comment