පනවා ඇති සෞඛ්‍ය විධි විධාන නොසලකා හරිමින් ජනතාව උත්සව සමය සදහා සූදානම් වීම අතිශය භයානක තත්ත්වයක් බව ඇමෙරිකාවේ රෝග පාලනය හා ව්‍යාප්තිය වැලැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානි වෛද්‍ය ඇන්තනී පවුසි සදහන් කරනවා.
උත්සව සමය එළඹීමත් සමගම ඇමෙරිකා ජනතාව ගුවන් තොටුපොළ හා සාප්පු සංකීර්ණ ආශ්‍රිතව විශාල වශයෙන් එක් රැස්ව සිටින ආකාරය දක්නට ලැබෙනවා. නව කොරෝනා ආසාදිත රැල්ලක් නිර්මාණය කිරීමට මෙය මූලික හේතුව විය හැකි බවයි වෛද්‍ය පවුසි තවදුරටත් පවසන්නේ. පසුගිය සති අන්තයේදී ඇමෙරිකාවේ ගුවන් ගමන්වල නිරත වූ මගීන් සංඛ්‍යාව ලක්ෂ දහයක් බව බලධාරීන් සදහන් කරනවා. මාර්තු මාසයට පසු වැඩිම ගුවන් මගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේද පසුගිය සති අන්තයේදීයි. පසුගිය සති දෙක ඇතුළත එරටින් දෛනිකව වයිරස ආසාදිතයන් වාර්තා වීමේ සාමාන්‍ය අගය එක් ලක්ෂ හැත්තෑදහසකට ආසන්න වනවා. ගතවූ පැය විසි හතරට ඇමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ හැත්තෑ දෙදහසක් හමුවී ඇති අතර ඒ සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි විසි අට ලක්ෂයකට ආසන්නයි. වයිරසය හේතුවෙන් ඇමෙරිකාවේ ජීවිත අහිමි වූ සංඛ්‍යාව දෙලක්ෂ හැට තුන් දහසක්.
The post උත්සව සමය එළඹීමත් සමඟ ඇමෙරිකා ජනතාව සාප්පු සංකීර්ණ ආශ්‍රිතව එක් රැස් වෙයි appeared first on ITN News.
Post a Comment