හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හත්වන දිනටත් සාක්ෂි ලබාදීම සදහා පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා. මේ වනවිටත් ඒ මහතාගෙන් කොමිසම සාක්ෂි ලබා ගනිමින් සිටිනවා. මේ අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ජනාධිපති කොමිසම හමුවේ පළමු වරට ඊයේ සාක්ෂි ලබාදුන්නා. ඔහු එහිදී ප්‍රකාශ කළේ කාත්තන්කුඩි නගරයේ මාර්ග දෙපස රටඉදි ගස් වැවීම සහ දැන්වීම් පුවරු අරාබි භාෂාවෙන් සකස් කිරීම කළේ එම ප්‍රදේශය අරාබිකරණයට ලක්කිරීමට නොව සංචාරක ආකර්ෂනය වැඩි කර ගැනීමට බවයි
හිරා පදනමට සහ මඩකලපුව විශ්ව විද්‍යාලය ඉදිකිරීමට විදෙස් රටවලින් ලැබුණු මුදල් තමන් කිසිදු ආකාරයකට අවභාවිතා නොකළ අතර ඒ සම්බන්ධයෙන් ගිණුම් වාර්තා පවා ඉදිරිපත් කළ හැකි බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළාx ඒ අනුව ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් හිටපු ආණ්ඩුකාරවරයා කියා සිටියේ 1993 වර්ෂයේ හිරා පදනම සුබ සාධක කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වු අතර එම ලියාපදිංචි සහතිකය අස්ථානගත වු බැවින් එය සහතික කරගැනීමට යොමු වු බවයි. සහතික කළ පිටපතක් ලබාගැනීමේදි එහි මුල් පිටපත ළඟ තිබීම අනිවාර්යය වුවද, මුල් පිටපත අස්ථානගත වී තිබු හෙයින් නිත්‍යානූකූල නොවන ලෙස සාම විනිසුරුවරයෙකු වු තම ආරක්ෂක නිලධාරියා ලවා පිටපතක් සත්‍ය පිටපතක් ලෙස සහතික කරගත් බව මෙහිදි හිස්බුල්ලා මහතා සදහන් කළා.
රජයේ අධි නීතිඥ –
ඒ අනුව හිරා පදනම ලියාපදිංචි කිරීම නිත්‍යානුකූල නොවන අන්දමට සිදුකර ඇති බව ඔබ පිළිගන්නවාද
හිස්බුල්ලා –
නැහැ මම එය පිළිගන්නේ නැහැ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තිබ්බේ රජයේ නියමිත රේගුලාසි වලට අනුකූලව. සමාජ සේවා දෙපාර්තමේන්තුව 2011 වෙද්දි එම ලියාපදිංචි කිරීම් නවතා තිබුණට ඒ පිළිබද අපව දැනුවත් කර තිබුණේ නැහැ. අනික ලියාපදිංචි කිරීම් නැවැත්තුවා කියලා පෙර නියමිත රේගුලාසි වලට අනුකූලව ලියාපදිංචි කර තිබු සංවිධානයක ලියාපදිංචිය අවලංගු වෙන්නේ නැහැ
රජයේ අධි නීතිඥ –
හිරා පදනමට සහ බැටික්ලෝ කැම්පස් ව්‍යාපෘතිය සදහා විදෙස් මුදල් ලැබෙන්නේ කෙසේද
හිස්බුල්ලා
” 1991 හිරා පදනම පටන් ගත්තට 2011 – 2013 වෙනකං අපිට ලොකුවට අනිත් අයගෙන් සල්ලි හම්බුනේ නැහැ. ඉස්සෙල්ලාම විදෙස් මුදල් ලැබුනේ 2016 දි. ප්‍රධාන වශයෙන් පාර්ශව දෙකයි විදේශයන්හි සිට මේ මුදල් යොමු කළේ. එකක් තමයි සෞදි අරාබියේ එන්හෙරිටන්ස් අබ්දුල්ලා අල් ජෆාරි කියන සමාජ සේවා සංවිධානය. එම සමාජ සේවා ආයතනයෙන් රුපියල් මිලියන 308 කට ආසන්න මුදලක් හම්බෙලා තියෙනවා. ඒකෙන් වැඩි හරියක් බැටික්ලෝ කැම්පස් ඉදිකිරීමට. අනිත් පාර්ශවය තමයි සිද්ධික් සහ ඩයනා ඔස්මන්ඞ් කියන බි්රතාන්යයේ යුවල ඔවුන් මට මුණගැසුනේ මෙරට ගලදාරි හෝටලයේදි. මේ හැමදේම වියදම් කරපු විදිහ සම්බන්ධයෙන් හිරා පදනමේ සහ බැටික්ලෝ කැම්පස් ආයතනයේ ගිණුම් තබා තියෙනවා
සභාපති විනිසුරු
ඔබ සෞදි අරාබියේ සිටින වෙන කිසිවෙකුත් සමග සම්බන්ධතා නොපවත්වන්නේද? හිටපු ආණ්ඩුකාරවරයාගේ ඡුායාරූපයක් පෙන්වා සභාපති විනිසුරුඅවරයා ඔය ඔබත් සමග සිටින්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළා.
හිස්බුල්ලා
” මේ ශෙයික් හාලිත් අබුසාලි. මම හොදටම දන්නවා. සෞදි අරාබියේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ වැඩ කරලා විශ්‍රාම ගිය කෙනෙක්. ඔහු ලංකාවට නිතර එනවා. ආයෝජනත් ගේනවා
සභාපති විනිසුරු
ඔය සෞදි අරාබියේ බුද්ධි අංශ ප්‍රධානියාද ?
හිස්බුල්ලා
මම දන්නේ නැහැ ස්වාමිනි
එම අවස්ථාවේ ද තවත් ඡුායාරූපයක් පෙන්වූ සභාපති විනිසුරුවරයා මේ කවුදැයි විමසා සිටියා.
හිස්බුල්ලා
” මේ ශෙයික් සහරානි. නම දන්නවා මම. නමුත් සම්බන්ධ කමක් නැහැ. මක්කම ගියාම වරක් දෙවරක් හම්බෙලා තියෙනවා ”
සභාපති විනිසුරු
” ඔබට පුදුම මතකයක්නේ තියෙන්නේ හිස්බුල්ලා මහත්මයා. වරක් දෙවරක් හම්බුන මේ වගේ පුද්ගලයෙක්ගේ නම මතක තියෙන්න තරම් ”
හිස්බුල්ලා
” එහෙම නෙමේ ස්වාමිනි. මම ඔය කියන තැනැත්තාව හදුනනවා. නමුත් සම්බන්ධතාවයක් නැහැ. හැබැයි ඔය තැනැත්තා ලංකාවේ මාළිගාවත්තේ තියෙන මුස්ලීම් යුත් ඔෆ් සෙයිලානි කියන සංවිධානයක් එක්ක සම්බන්ධකම් පවත්වනවා
සභාපති විනිසුරු
” මොහුද සෞදි බුද්ධි අංශ ප්‍රධානියා
හිස්බුල්ලා
ඒ පිළිබද මම දැනුවත් නැහැ ස්වාමිනි
සභාපති විනිසුරු
ඔබ ඡුැ්ජැ ඔඩ ප්‍රධානි සාකිර් සයික්ව දන්නවාද ?
හිස්බුල්ලා
” ඩොක්ටර් සාකිර්. ඔව් මම දන්නවා. ලංකාවේදි, මක්කමදි කිහිප සැරයක් හම්බෙලා තියෙනවා. ඔහුගේ අංකයත් මගේ ජංගම දුරකතනයේ තියෙනවා.
රජයේ අධි නීතිඥවරයා
ඔබ නේද වරක් සුගතදාස ක්‍රීඩාංගණයේ දේශනයකට මොහුව ලංකාවට ගෙන්නුවේ ?
හිස්බුල්ලා
” නැහැ මම නෙමේ. මම පෙර සදහන් කරපු මාළිගාවත්ත මුස්ලිම් යුත් ඔෆ් සෙයිලානි කියන සංවිධානය. නමුත් මමත් ඔය වැඩසටහනට ගියා එතනදි මට ඩොක්ටර් සෙයිලානිව හම්බවුණා.
රජයේ අධි නීතිඥ
” ඔබ දන්නවාද, මේ වෙද්දි ඉන්දියාව, බි්රතාන්ය, කැනඩාව වගේම බංගලාදේශය වගේ මුස්ලීම් රටකුත් මොහු ්ය්එැ ීචැ්නැර නැතහොත් අන්තවාදියෙකු ලෙස නම් කරලා, මොහුට එම රටවල් තුළට පැමිණීම සහ දේශන පැවැත්වීම තහනම් කරලා තියෙනවා
හිස්බුල්ලා
ඔහු අන්තවාදි කතා කියන්නේ නැහැ ස්වාමිනි, නමුත් ඔහුගේ කතාවට අන්‍යාගමිකයන් ඉස්ලාම් දහමට එනවා. ඒකයි ඔහුව අන්තවාදියෙක් ලෙස නම් කරලා තියෙන්නේ. නමුත් ඔහු හොද ඉස්ලාම් භක්තිකයෙක්.
සභාපති විනිසුරු –
සාකිර් නයික් අන්තවාදි නෙමේ කියනවා. ඔබට අනුව මේ ලෝකේ කොහේ හරි අන්තවාදින් කියලා පිරිසක් ඉන්නවාද, සහරාන්වත් අන්තවාදියෙක් ද ?
හිස්බුල්ලා
ඔව් ස්වාමිනි සහරාන් කියන්නේ අන්තවාදියෙක්
එහිදි ජනාධිපති කොමිසම විසින් සාකිර් නයික්ගේ දේශනයක් හිස්බුල්ලා මහතාට පෙන්වා සිටි අතර එහි සදහන් වුයේ ” සටන් කිරීමේ අවසානය විය යුත්තේ මරාගෙන මැරීම ” යනුවෙන්.
රජයේ අධිනීතිඥ
දැන්වත් ඔබ පිළිගන්නවාද සාකිර් නයික් කියන්නේ අන්තවාදියෙක් කියලා
හිස්බුල්ලා
ඔව් ස්වාමිනි මෙම දේශනයට අනුවනම් පිළිගන්නවා
The post හිටපු ජනපති පාස්කු කොමිසමට එයි appeared first on ITN News.
Post a Comment