අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්රාත් අධිකරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළා.
ඒ ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළවයි.
ලලිත් හා කූගන් යන දෙදෙනා පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බවට යාපනය මහේස්ත්රාත් අධිකරණයේ පවතින නඩු විභාගයේ සාක්ෂි දීම සදහා පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිතාසි නිකුත් කර තිබුණා. ආරක්ෂක හේතුන් මත තමාට යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනීසිටීමට අපහසු බව දන්වමින් රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම අධිකරණයේ පෙනී සිටීම වළක්වාලමින් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබුණා. එහි තීන්දුව ප්රකාශයට පත් කරමිනුයි අභියාචනාධිකරණය අදාළ සිතාසිය බලරහිත කළේ.
සිතාසිය නිකුත් කර තිබෙන්නේ නීතිඥවරයකු ඉදිරිපත් කළ මෝසමකට අනුව බවත් එහි කිසිදු නීතිමය පදනමක් දක්නට නොලැබෙන බවත් අභියාචනාධිකරණය සදහන් කළා.
The post ජනපතිට යාපනය අධිකරණයෙන් දුන් සිතාසිය බල රහිත කරයි appeared first on ITN News.
Post a Comment