Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කණ්ඩායම ගොණු කළ නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ  

Add comments

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කණ්ඩායම ගොනු කළ නඩුවක් නිෂ්ප්‍රභ කිරීමට පෙන්සිල්වේනියා අධිකරණයක් කටයුතු කළා.

තැපැල් මඟින් ලැබුණු ඡන්ද මිලියන සංඛ්‍යාවක් අවලංගු කරන ලෙස ඉල්ලමිනුයි මෙම නඩුව ගොනු කර තිබුණේ. නඩුව විභාගයට ගත් විනිසුරු මැතිව් බ්‍රෑන් සඳහන් කළේ ට්‍රම්ප්ගේ නීතිඥයන් ගොනු කර ඇති කරුණු තහවුරු කිරීම සඳහා කිසිඳු සාක්ෂියක් නොමැති බවයි.නඩුව නිෂ්ප්‍රභ වීමත් සමඟ ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය නිසැක වුණා. පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජෝ බයිඩ්න් වැඩි ඡන්ද අසූ දහසකින් පමණ ජය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

පසුගිය තුන් වනදා පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ආපසු හැරවීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කණ්ඩායම විවිධාකාරයේ උත්සාහ කිරීම් සිදු කළා. ඒ සියල්ල ආසාර්ථක වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. සියලු ප්‍රාන්තවල ඡන්ද විමසීම් නිරාකරණය වීමෙන් පසු ජෝ බයිඩ්න් ට කොන්ග්‍රසයේ  ආසන 306කුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ට 232කුත් වශයෙන් ජනාධිපතිවරණය තීරණය වනු ඇති. ඇමෙරිකා ඒක්සත් ජනපදයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නියෝජිතයන් 270 දෙනෙකුගේ අවම මනාපය අවශ්‍ය වනවා. මෙවර ලැබූ අති විශාල ජයග්‍රහණයත් සමඟ ජෝ බයිඩ්න්ට ස්ථාවර රජයක් පිහිටුවා ගැනීමට හැකිවන බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

 

The post ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කණ්ඩායම ගොණු කළ නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG