දෙමළ ජාතික සන්ධානය උතුරේ ජනතාවගේ එකම නියෝජිතයා නොවන බව මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්වා දී ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ ගල්මඩුවවත්ත මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමෙන් පසු පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. එල්ටීටීඊ ඩයස්පෝරාව ජාත්‍යන්තර වශයෙන් තවමත් බලවත්ව ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙරටට එරෙහිව යෝජනා සම්මත කර ගනිමින් සම්බාධක පැනවීමේ ක්‍රියාවලියක ඇතැම් බලවත් රාජ්‍යයන් නිරතව සිටින්නේ ඩයස්පෝරාවේ අවශ්‍යතාව අනුව බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ.
The post දෙමළ සන්ධානය උතුරේ ජනතාවගේ එකම නියෝජිතයා නොවෙයි appeared first on ITN News.
Post a Comment