Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයට පැමිණීමේදී PCR පරීක්ෂණයක් අනිවාර්ය කෙරේ  

Add comments

අධි අවධානම් රටවල සිට ගුවනින් ස්පාඤ්ඤය වෙත පැමිණෙන සියලුම මගීන් පීසිආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට එරට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන ති‌‌බෙනවා.

ස්පාඤ්ඤය වෙත පැමිණීමේදී තමන් පැමිණෙන රටේදී ද පීසිආර් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව රැගෙන ඒම අනිවාර්ය වනවා. එලෙස පීසිආර් පරීක්ෂණ වාර්තාවන් නැතිව රටට ඇතුලුවීමට උත්සාහ කළ සිය ගණනක් ආපසු හරවා යැවීමට ස්පාඤ්ඤ රජය පියවර ගෙන තිබෙනවා.  මේ වනවිට ස්පාඤ්ඤය දෙවන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියක් සදහා මුහුණ දී සිටින අතර එරටින් වාර්තා වන සමස්ත‌ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ දහසය ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. වයිරසය හේතුවෙන් එරට  සිදුව ඇති මරණ සංඛ්‍යාව හතලිස් හතර දහසකට ආසන්න වනවා.

 

 

The post ස්පාඤ්ඤයට පැමිණීමේදී PCR පරීක්ෂණයක් අනිවාර්ය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG