Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 13 දෙනා යළි රිමාන්ඩ්  

Add comments

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඔවුන් ලබන 7 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

සැකකරුවන්ට ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් තිබෙන බවට විත්තියේ නීතිඥවරුන් කළ මූලික විරෝධතා මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා. සැකකරුවන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය රැගෙන විත් ජාවාරම් කර ඇති බවට ප්‍රමාණවත් සාක්‍ෂි ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මිට පෙර ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඇප ඉල්ලීමට විරෝධය පළ කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් ලබන 7 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

 

 

 

 

 

The post පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 13 දෙනා යළි රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG