දින සියයක් මුඛ ආවරණ පළදින ලෙස තේරී පත්ව සිටින ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටිනවා.
සී එන් එන් ප්‍රවෘත්ති නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ තුළින් සැළකිය යුතු මට්ටමකින් කොරෝනා වයිරසය පැතිරීම අවම කරගත හැකි බවයි ජෝ බයිඩන් පෙන්වා දී ඇත්තේ. මෙය නීතියක් නොවූවද ඇමෙරිකානුවන්ගෙන් කරන ඉල්ලීමක් ලෙස ඔහු වැඩිදුරටත් සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ජෝ බයිඩන් සහ උප ජනාධිපති ලෙස තේරී පත්ව සිටින කමලා හැරිස් ද මුඛ ආවරණ පැළද ඇමෙරිකානුවන්ට ආදර්ශයක් දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
The post දින 100ක් මුඛ ආවරණ පළදින ලෙස ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment