Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්  

Add comments

විදෙස් සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සදහා ගුවන්තොටුපොල විවෘත කිරීම සම්බන්ධයෙනුයි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවුණේ.  අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි හා ප්‍රසන්න රණතුංග,  රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ඊට ඒක්ව සිටියා.

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට අදාළව මූලික සැලසුම් සැකසීමට සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාළ සියලු අංශ නියෝජනය කරන පරිදී සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් ද මෙහිදී  පත් කෙරුණා.

එහි තීන්දු තීරණ අනුව විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළව ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති.

 

 

The post විදෙස් සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG