Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනයේ කොළඹින් ආසාදිතයින් 402ක් හඳුනාගැනේ  

Add comments

ඊයේ (02) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. කොරෝනා මරණ දෙකක් ද වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඊයේ (02) දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 878 දෙනාගෙන් හාරසිය දෙදෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙකු ද කළුතරින් ආසාදිතයින් 106 දෙනෙකු ද හදුනාගැණුනු අතර මහනුවරින් හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 27 ක්. කුරුණෑගලින් ආසාදිතයින් 24 දෙනෙකු ද රත්නපුරයෙන් 52 ක් හා ගාල්ලෙන් 6 ක් ලෙස ආසාදිතයින් වාර්තාවී තිබුණා. කෑගල්ලෙන් ආසාදිතයින් නව දෙනෙකු ද පුත්තලමෙන් ආසාදිතයින් 29 දෙනෙකු ද නුවරඑළියෙන් ආසාදිතයින් 18 දෙනෙකු ද මෙසේ හදුනාගත් පිරිසට ඇතුළත්. අම්පාරෙන් ආසාදිතයින් 21 දෙනෙකු හා කිලිනොච්චියෙන් 6 දෙනෙකු ලෙසත් තවත් ස්ථාන කිහිපයකින් ආසාදිතයින් 88 දෙනෙකු ද ඊයේ හදුනාගත් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව විසිඑක්දහස් අටසිය පනස් හතක්. මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් විසිපන්දහස් හාරසිය දස දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අතරින් 6,982 කු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 467 ක්. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,304 ක්.

මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වුණා. හලාවත හා කොළඹ 13 ප්‍ර දේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 124 ක්.

කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 49 දෙනෙකු,  ජෝර්දානයේ සිට 284 දෙනෙකු හා චීනයේ සිට පුද්ගලයින් දෙදෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා.

ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානකරා යොමු කිරීමටයි පියවර ගැණුනේ. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 6,400 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.

මේ අතර ඊයේ දිනය තුළ මෙරටදී පීසීආර් පරීක්ෂණ 13,423 ක් සිදුකළ බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

 

 

 

 

 

The post ඊයේ දිනයේ කොළඹින් ආසාදිතයින් 402ක් හඳුනාගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG