Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 9ක වර්ෂාමාන සවි කෙරේ  

Add comments

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන නවයක වර්ෂාමාන සවි කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ දුම්රිය දෙපාර්තමේන්තමේන්තුවේ සහාය ඇතිවයි මෙම වර්ෂාමාන සවි කිරිම සිදු කෙරුණේ. වර්ෂාපතනයට අනුව ප්‍රදේශයේ සිදුවන ආපදාවන් කලින් හඳුනා ගැනීම හා ඊට පිළියම් යෙදීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.

වටවල, රොසැල්ල, හැටන් , කොටගල, තලවාකැලේ, නානුඔය, පට්ටිපොළ හා අඹේවෙල යන දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවි කිරිම සිදු කෙරුණා. නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් , මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරී ආනන්ද කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

The post උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 9ක වර්ෂාමාන සවි කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG