Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට  

Add comments

කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ 177 වන සැතපුම් කණුව ආසන්නයේදී මෙසේ දුම්රියේ ගැටී ඇත්තේ ත්‍රිකෝණමඩු රක්ෂිතයේ සිට පැමිණි වන අලියෙකු බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. සත්වයා සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මාරුවීම සදහා දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරට ලක් වුණා. වයස අවුරුදු විසිපහක් පමණ වන මෙම වන අලියා අඩි අටක් පමණ උසින් යුක්ත වනවා. බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මියගිය සත්වයා දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් වුණා.

 

 

 

The post වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG