බුරවි සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ළගාවෙමින් පවතින බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් හෙට (04) උදෑසන වනවිට කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලට තද වැසි අපේක්ෂා කරන බවයි ඉන්දීය කාලගුණික අංශ සදහන් කරන්නේ. බුරවි සුළි කුණාටුවට මුහුණදීම සදහා ඉන්දියාවේ දකුණුදිග කේරල සහ තමිල්නාඩු ප්‍රාන්තවැසියන් ආරක්ෂිත ස්ථානකරා පිටත්කර හැරීමට කටයුතු යොදා තිබෙනවා.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු ද තහනම් කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. කුණාටුව පැයට කිලෝමීටර් 60 ත් 80 ත් අතර වේගයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇති බවයි කාලගුණ අංශ පවසන්නේ.
දැඩි අවදානම් ප්‍රදේශවලට සහන කණ්ඩායම් ද යෙදීමට කටයුතුකර තිබෙනවා.
The post බුරවි දකුණු ඉන්දියාවට ළඟාවෙයි appeared first on ITN News.
Post a Comment