කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මඩකලපුවේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔඩ්ඩුසුඩාන් සිට මඩකලපුව නගරයට මෙම කේරළ ගංජා තොගය රැගෙන විත් ඇති බවයි පොලීසිය පවසන්නේ. මඩකලපුව කොට්ඨාස විශේෂ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී ගංජා තොගය සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ජාවාරමට සම්බන්ධ තවත් පිරිස් සිටින්නේ ද යන්න සම්බන්ධයෙන් මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
The post කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment