Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහවැලි කලාප ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් හඳුන්වාදුන් ව්‍යාපෘතියට ඉහළ ඉල්ලුමක්  

Add comments

නවෝත්පාදන කෘෂිකාර්මික ව්‍යවසායකත්වය ප්‍රචලිත කිරීම හා මහවැලි කලාප ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් හදුන්වාදුන් ව්‍යාපෘතියට ඉහළ ඉල්ලුමක් පවතිනවා.

වාරිමාර්ග අමාත්‍යාංශය ආරම්භ කළ වාරි සෞභාග්‍යා නමැති මෙම ජාතික වැඩසටහනට මහවැලි කෘෂි ඉඩම් සදහා නව කෘෂි ව්‍යාපෘති යෝජනා තුන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. මහවැලි අධිකාරියට අයත් මහවැලි කලාප හතරක වගා කිරීම සදහා හදුනාගත් ඉඩම් කට්ටි කෘෂිකාර්මික, සත්ත්ව පාලන හා ඒ ආශ්‍රිත කර්මාන්ත සදහා ලබාදීම සිදුවනවා. මාසයක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ සියලු පළාත්වලින් මෙම කෘෂි ව්‍යාපෘති යෝජනා ඉදිරිපත්කර ඇති බවයි වාරිමාර්ග අමාත්‍යාංශය සදහන් කරන්නේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

 

 

 

 

The post මහවැලි කලාප ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් හඳුන්වාදුන් ව්‍යාපෘතියට ඉහළ ඉල්ලුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG