කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්විම සදහා නාසයට ඉසින දියරයක් නිෂ්පාදනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද විද්‍යාඥයන් කණ්ඩායමක් පර්යේෂණ සිදු කරමින් සිටිනවා.
වයිරසයේ ප්‍රබලතාව අඩු කිරීම මෙම දියරයෙන් අපේක්ෂා කරන බවයි පර්යේෂකයන් සදහන් කළේ. ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල පුද්ගලයන් ටද මෙම ඖෂධයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව පර්යේෂකයන් කියා සිටියා. සතුන් යොදා ගනිමින් එය මේ වනවිට අත්හදා බලමින් තිබෙනවා. පර්යේෂණය සාර්ථක වුවහොත් ඉදිරි මාස හයක කාලය තුළදී ජනතාවට ඖෂධය හදුන්වා දීමට හැකි බවයි ව්‍යාපෘති මෙහෙයවන මහාචාර්ය ජේම්ස් විල්සන් කියා සිටියේ.
The post කොවිඩ් වැලැක්විමට ඇමෙරිකාවෙන් නාසයට ඉසින දියරයක් appeared first on ITN News.
Post a Comment