සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර ගන්නැයි රජය අදාළ අංශ වෙත දැනුම් දෙනවා.
මුහුදු වෙරළේ සහ තොටුපොළ ආශ්‍රිතව නවතා ඇති කුඩා යාත්‍රා හැකිතාක් ගොඩබිමට රැගෙන ගොස් ස්ථිර ලෙස ගැටගසා තබා ගන්නා ලෙසට යාත්‍රා හිමිකරුවන්ට දැනුම් දෙනවා. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මගින් සියලුම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් හා කොට්ඨාශ භාර ධීවර නිලධාරීන් වෙත මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළු වැව මහතා ප්‍රකාශ කරන්නේ. යාත්‍රා විනාශ වීම වැලැක්වීම සදහා සෑම පියවරක්ම ගන්නා ලෙසට ද දැනුම් දී තිබෙනවා.

The post සුළි කුණාටුවෙන් ඇතිවිය හැකි හානි අවම කර ගැනීමට කඩිනම් පියවර appeared first on ITN News.
Post a Comment