මෙවර අයවැයෙන් ධීවර වරාය කිහිපයක් නවීන තාක්ෂණය අනුව සංවර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ඒ යටෙත් පේදුරුතුඩුව ගුරු නගර් හා පේසාලෙයි වරාය සංවර්ධනය කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලෙයිනා බි ටෙප්ලිට්ස් මහත්මිය ධීවර අමාත්‍යංශයේදී මුණ ගැසුණු අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව සදහන් කළා. ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය උනන්දුවෙන් කටයුතු කරන බවද තානාපතිවරිය සදහන් කළා. කොවිඩ් නයින්ටීන් වසංගතය නිසා අසරණ වූ ධීවර ජනතාවට ද සහය ලබාදීමට ඇමෙරිකා රජය සූදානම් බවයි ඇය කියා සිටියේ. ධීවර ගැටලු හා ආශ්‍රිත පාරිසරික තත්ත්වයන් පිළිබදවද මෙහිදී සාකච්ඡාවට බදුන් වුණා. මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානී ඇඩම් ස්මිත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post මෙරට ධීවර ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය උනන්දුවෙන් appeared first on ITN News.
Post a Comment