ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැදි සිටි ශ්‍රි ලාංකිකයින් පිරිසක් අද (02) උදෑසන දිවයිනට පැමිණියා. මාලි රාජ්‍යයේ සිට පුද්ගලයින් 44 දෙනෙකු, කටාර් සිට 21 දෙනෙකු සහ ඩුබායි සිට පුද්ගලයින් 52 දෙනෙකු ඊට අයත්.
ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කෙරුණා.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන පනස් නවයක පුද්ගලයින් 6461 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේදී පීසිආර් පරීක්ෂණ 7463 ක් සිදු කර ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
The post විදෙස්ගත ලාංකිකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.
Post a Comment