හික්කඩුව රත්ගම රිල්ලඹ වෙරළ උද්‍යානය විවෘත කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
ප්‍රදේශයේ තරුණ පිරිසගේ සහභාගිත්වයෙන් රිල්ලඹ වෙරළ උද්‍යානය ඉදිකර තිබෙනවා. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 8 ක්. වෙරළ උද්‍යානය විවෘත කරමින් රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා කියාසිටියේ මෙවැනි සංවර්ධන සංකල්ප මෙරටට හඳුන්වා දුන්නේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ධුරය දරන කාලයේදී බවයි.
මේ අතර ජනාධිපති කාර්යාලයේ මෙහෙයවිමෙන් පැවැත්වෙන ගම සමඟ පිළිසදරක් වැඩසටහන ඔබේසේකරපුර අංක 1 සහ 2 කොට්ඨාසවලදී පැවැත්වුණා. ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ , කෝට්ටේ නගරාධිපති ජේ වී ප්‍රේමලාල් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post හික්කඩුව රත්ගම රිල්ලඹ වෙරළ උද්‍යානය විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment