නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන් වෙනුවෙන් කන්නන්ගර නුවර නමින් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.
නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටුවීමේ මූලික කටයුතු ආරම්භ කිරීම ඉත්තෑපාන හල්වල සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලයේ දී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් ඇතුලු විවිධ සංවිධානවල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන්. සී ඩබ්ලිව් ඩබිලිව් කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ සමාධිය වෙත පූෂ්පෝහාර දැක්වීමෙන් අනතුරුව සාකච්ඡා ආරම්භ කෙරුණා. වසර ගණනාවක් ජනතාව කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනුයි නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය බිහිවීම සදහා මුල පිරීම සිදු වුණේ. ග්‍රාම නිලධාරී වසම් විසි හතක් එක් කරමින් නව කොට්ඨාශය නිර්මාණය කිරීමට නියමිතයි.
The post සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර ශ්‍රීමතාණන් වෙනුවෙන් නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් appeared first on ITN News.
Post a Comment