ගංජා කිලෝ ග‍්‍රෑම් එකයි ග‍්‍රෑම් 510ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ කල්පිටිය මන්ඩකුඩාව ප‍්‍රදේශයේදී. සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරිමේදී රහසිගත ලෙස සඟවා තිබූ ගංජා තොගය සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු තන්හීර්කුඩා ප‍්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අද (03) පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිිරිපත් කිරිමටයි නියමිත.
The post ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment