වාරි සෞභාග්‍යයා ජාතික වාරි මාර්ග වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික් වැව් ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරුණා.
වාරි සෞභාග්‍යයා කඩිනම් වාරි මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ, අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. ව්‍යාපෘතියේ පළමු වැඩසටහන ලෙස බුත්තල හරිගල් පොත්ත වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණා. මොණරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් වැව් 12 ක් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 40 ක්. හිරිගල්පොත්ත වැව සංවර්ධනයට පමණක් රුපියල් මිලියන 15 ක් වෙන් කර තිබෙනවා. මේ තුළින් පවුල් සියයකට අධික පිරිසකට කෘෂිකර්මාන්තය සදහා ජලය ලබා ගැනීමේ පහසුකම් හිමි වනවා.
The post මොණරාගල දිස්ත්‍රික් වැව් ප්‍රතිසංස්කරණය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment