නව සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද හදුන්වා දෙමින් සංචාරකයින්ට රට විවෘත කිරීමට රජය පියවර ගත්තා. ඒ අනුව පළමු විදෙස් සංචාරක කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.
මාස නවයකට පසු විදේශ සංචාරකයන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම ගුවන් යානය යුක්රේනයේ සිට ඊයේ දිවයිනට පැමිණියා. ඒ මත්තල ගුවන් තොටුපොලෙනුයි. කාර්ය මණ්ඩලයේ 11 දෙනාට අමතරව සංචාරකයන් 185 දෙනෙකු මෙසේ දිවයිනට පැමිණියා. ලබන ජනවාරි 24 වනදා දක්වා නියාමන ව්‍යාපෘතියක් ලෙස විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. මෙලෙස පැමිණෙන සියලු සංචාරකයින්ට නව සෞඛ්‍ය ක්‍රමවේද හදුන්වා දෙන බව සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
මේ අතර කොරෝනා ව්‍යවසනය හමුවේ කඩා වැටුණු සංචාරක කේෂ්ත්‍රය යළි නගා සිටුවීම වෙනුවෙන් රජය විශේෂ අවධානය යොමු කිරිම පිළිබද එම කේෂ්ත්‍රයේ නිරත වූවන් සිය ස්තූතිය පළ කරනවා.
The post පළමු විදෙස් සංචාරක කණ්ඩායම දිවයිනට appeared first on ITN News.
Post a Comment