බුරවි සුළි කුණාටුව අද පස්වරු හතත් රාත්‍රී දහයත් අතර කාලය තුළදී ඊසාන දිග වෙරළින් දිවයිනට පැමිණෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළි කුණාටුව සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් අසූවත් අනූවත් අතර මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඇතැම්විට සුළගේ වේගය පැයට කිලෝමීටර් සියය දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට උදෑසන වනවිට පැමිණෙනු ඇතැයි කාලගුණ අංශ අපේක්ෂා කරනවා. බුරවි සුළි කුණාටුව නිසා ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරේ දක්වා සහ පුනරීන් සිට පුත්තලම දක්වා වෙරළබඩ ප්‍ර දේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙම තත්ත්වයත් සමග වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි වනවා. සුළිකුණාටුවෙන් පැල්පත්වලට හා තාවකාලිකව ඉදිකිරීම්වලට හානි සිදුවිය හැකි බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. එසේම වහලවල ඇති තහඩු, උළු ආදිය ගැලවී යාමේ අවදානමක්ද පවතිනවා. විදුලි සහ දුරකතන රැහැන්වලට ද හානි සිදු විය හැකියි. ගස් හා අතු කඩා වැටීම මෙන්ම වගා හානි සම්බන්ධයෙන් ද ජනතාව අවධානයෙන් සිටිය යුතු බව කාලගුණ අංශ සදහන් කළා. වරාය ආශ්‍රිතව නවතා ඇති යාත්‍රා සහ අංගනවලට ද හානි සිදු වීමේ අවදානමක් පවතිනවා. ක්ෂණික ගංවතුර තත්ත්ව පිළිබද අවදානමක්ද ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකතන සහ විදුලි උපකරණ භාවිතයෙන් වලකින ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කඩා වැටෙන ගස් හා විදුලි රැහැන්වලින් ආරක්ෂා වීම සදහා ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍ර දේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස කාලගුණ අංශ ධීවරයින් වෙත දැනුම් දෙනවා. දැනට මුහුදු ප්‍ර දේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණිය යුතු බවයි කාලගුණ අංශ සදහන් කළේ.
උතුරු පළාතේ මේ වනවිට දැඩි සුළං සහිත වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග රථ වාහන ධාවනයේදී විමසිලිමත්විය යුතු බව පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.
මේ අතර බුරවි සුළි කුණාටුව හේතුවෙන් උතුරේ සියලු පාසල් හෙට සිට දින දෙකක් වසා තැබීමට පියවර ගත් බව පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය පැවසුවා. පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ක්‍රියාමාර්ගය ගත් බවයි ආණ්ඩුකාරවරිය කියා සිටියේ.
නැගෙනහිර පළාත තුළ ආපදා කළමනාකරණය උපරිම අයුරින් සිදු කිරීමට පළාත් සෞඛ්‍ය සේවා අංශ සූදානමින් සිටිනවා. හදිසි අවස්ථාවලදී 076 161 61 33, 070 222 222 7 යන දුරකතන අංක අමතන ලෙසයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ත්‍රිකුණාමලය ප්‍ර දේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. ඇතිවිය හැකි හදිසි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීමට ද ආණ්ඩුකාරවරිය කටයුතු කළා.
The post නැගෙනහිරින් රිංගා රටම කලඹන්න දඟලන ”බුරවි” appeared first on ITN News.
Post a Comment