ගතවූ පැය විසි හතරට ලොව පුරා රටවල් දෙසීය දහ නවයකින් කොරෝනා වයිරස ආසාදිතයින් පන් ලක්ෂ හැත්තැ අට දහස් හාරසිය විසි එක් දෙනෙකු හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
ඒ සමගම ලොව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව නව කෝටි දහතුන් ලක්ෂ පහලොස් දහස ඉක්මවා ගියා. ඊයේ දිනයට වාර්තා වූ මරණ නවදහස් දෙසීය දොළහත් සමගින් සමස්ත මරණ සංඛයාව දහ නව ලක්ෂ පනස් දෙදහස් අටසිය හැත්තෑ නවයක් බවයි වාර්තා වන්නේ. ඇමරිකාවෙන් වයිරස ආසාදිතයින් දෙකෝටි තිස් එක් ලක්ෂ හතලිස් තුන් දහස් එකසිය අනූ හත් දෙනෙකු මේ වනවිට හමුවී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ අසූ පන් දහස ඉක්මවා තිබෙනවා. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් එක් කෝටි පන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් දෙදහසකට ආසන්නයි.
The post ගතවූ පැය 24 ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 578421 ක් හමු වෙයි appeared first on ITN News.
Post a Comment