Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තර්ස්ටන් විද්‍යාලයේ පරණම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර යළි සිසු අයිතියට  

Add comments

තර්ස්ටන් විද්‍යාලයේ තිබූ පරණම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර අග්‍රාමාත්‍යවරයාගේ අතින් අද යළි සිසුන්ට ලබා දෙයි. විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අග්‍රාමාත්‍යවරයා ද මෙම ගොඩනැගිල්ලේ සිප් සතර හදාරා තිබීම විශේෂත්වයක්.

තර්ස්ටන් විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ල ආරක්‍ෂක අමාත්‍යාංශයේ මැදිහත්විම මත ප්‍රතිසංස්කරණය කළේ නාවික හමුදාවයි. ඊට අවශ්‍ය උපකරණ සදහා පමණක් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය රුපියල් මිලියන 13 ක් වැය කළා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ගොඩනැගිල්ල සිසු අයිතිටය පැවරුවා. 71 වසරක තර්ස්ටන් ඉතිහාසය තුළ වෘත්තීමය වශයෙන් වසර 50 ක දේශපාලන දිවියක් සම්පූර්ණ කළ ආදි ශිෂ්‍යයෙකු වෙනුවෙන් පිරිනැමෙන තර්ස්ටන් ප්‍රජාවේ සමරු තිළිණය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. රුපියල් මිලියන 10 ක් වටිනා ස්මාර්ට් පංති කාමර තාක්‍ෂණික උපකරණ කට්ටල 6 ක් විද්‍යාලයට භාර දීම ද මෙහිදී සිදුකෙරුණා. තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජී වී රවිප්‍රිය මහතායි ඊට අදාළ ප්‍රදානය අග්‍රාමාත්‍යවරයාට භාර දුන්නේ.

 

 

 

The post තර්ස්ටන් විද්‍යාලයේ පරණම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර යළි සිසු අයිතියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG