ඉන්දියාවේ ප්‍රාන්ත නවයක් පුරා මේ වන විට කුරුළු උණ රෝගය ව්‍යාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.
දිල්ලි, මහාරාෂ්ට්‍ර, උත්තර ප්‍රදේශ්, කේරළ, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, හිමාචල් ප්‍රදේශ්, හර්යානා සහ ගුජරාට් යන ප්‍රාන්තවලයි කුරුළු උණ රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇත්තේ. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ අද විශේෂ විවාදයක්ද පැවැත්වෙනවා. කුරුළු උණ රෝගයේ ව්‍යාප්තියත් සමඟම කුරුළු ගොවිපොළ හිමිකරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. වැඩිම කුරුළු මරණ සංඛ්‍යාවක් හර්යානා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව ලක්ෂ හතරකට අධිකයි. ජම්මු කාශ්මීර ප්‍රාන්තද රෝගී තත්ත්වයට මුහුණ දීම සඳහා සූදානම් කර ඇති බව බලධාරීන් පවසනවා.
The post ඉන්දියාවේ ප්‍රාන්ත නවයක් පුරා කුරුළු උණ රෝගය ව්‍යාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment