ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර්හි ක්වින් තියෙටර් නම් ස්ථානයේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා.
ජනාධිපතිධූරය සඳහා තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් සිය රැස්වීම් පැවැත්වූ ස්ථානය වන මෙහි ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර ඇත්තේ අන්තවාදී පුද්ගලයන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම හේතුවෙනුයි. බයිඩ්න්ගේ ජයග්‍රහණයට එරෙහිව ට්‍රම්ප් හිතවාදී අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් පසුගිය දින කිහිපය මුළුල්ලේ විවිධ භීෂණකාරී ක්‍රියාවල නිරතවෙමින් සිටිනවා. මෙම තත්ත්වය යටතේ ක්වින් තියෙටර් නම් ස්ථානයට දැඩි ආරක්ෂාවක් පැනවීමටයි කටයුතු කර ඇත්තේ.
The post ඇමෙරිකාවේ ක්වින් තියෙටර්හි ආරක්ෂාව දැඩි කෙරේ appeared first on ITN News.
Post a Comment