යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබෙනවා.
පසුගිය දා ඉවත් කෙරුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය නැවත ඉදිකිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ස්මාරකය නැවත ගොඩනැගිම සදහා මුල්ගල තැබීමත් සමගයි උපවාසය අවසන් කිරීමට සිසුන් කටයුතු කළේ.
යුද්දයෙන් මිය ගිය ජනතාව සිහිකිරීම සදහා යාපනය විශ්වවිද්‍යාල සිසුන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සැමරුම් ස්මාරකයක් ඉදිකර තිබුණා. මෙම ස්මාරකය පසුගිය 08 වනදා රාත්‍රියේ ඉවත් කිරීමටයි විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කළේ. ඒ සමග ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සදහා කෝපායි පොලීසියට අමතවර පොලිස් විශේෂ කාර්ය බලකාය ද යෙදවීමට සිදුවුණා. ස්මාරකය ඉවත් කිරීමට විරෝධය පල කරමින් සිසුන් 05 දෙනෙකු උපවාසය ආරම්භ කළේ පසුගිය 09 වනදායි. උපවාසයට සහාය පල කිරීම සදහා උතුරු සහ නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණ ද එම ප්‍රදේශවල ජනජීවිතය යථා පරිදි ක්‍රියාත්මක වූ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.
The post යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ආරම්භ කර තිබූ උපවාසය අවසන් appeared first on ITN News.
Post a Comment