Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නාකොටික් 17 දෙනා ලබන 25 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ  

Add comments

මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළ බවට චෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 17 දෙනා ලබන 25 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාග කෙරුණු අවස්ථාවේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 5 දෙනෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවයි. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙකුට ද කොරෝනා ආසාදනය විම හේතුවෙන් බාහිර පුද්ගලයන් ගෙන්වා ප්‍රශ්න කිරීම පසුගිය දිනවල සිදු නොවූ බව එම නිලධාරියා දැනුම් දුන්නා. අත්අඩංගුවට ගත් වාහන 10 ක් වැඩිදුර විමර්ශන සදහා රජයේ රස පරික්‍ෂක වෙත යොමුකර තිබෙනවා. ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි එම නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේ.

 

 

 

 

The post නාකොටික් 17 දෙනා ලබන 25 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG