ලොව සෑම රටකටම කෝවිඩ් එන්නත ලබාදීමේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ප්‍රකාශ කරන්නේ සෑම රටකම සෑම වැසියෙකුටම සමානව එන්නත් ලබාදීමේ අවශ්‍යතාවක් පවතින බවයි. මේ වන විට ලොව රටවල් 42 ක් කෝවිඩ් වයිරසයට එරෙහි එන්නත් නිපදවා තිබෙනවා. ඉන් 36 ක් ම ඉහළ ආදායම් ලබන රටවල්. කෙසේ වෙතත් එන්නත් ලබාගැනීමේදී දිළිදු රටවලට එහි මිල පිළිබද තැකීමට සිදු වනවා. මේ අතර චීනය ප්‍රකාශ කරන්නේ තම රටේ වැසියන්ට කෝවිඩ් එන්නත නොමිලේ ලබා දෙන බවයි. පසුගිය දෙසැම්බරයේදී චීනය එරට නිෂ්පාදිත පළමු එන්නත අත්හදා බැලුවා.
The post සෑම රටකටම කෝවිඩ් එන්නත ලබාදීමේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි appeared first on ITN News.
Post a Comment