ස්පාඤ්ඤයට බලපා ඇති ෆිලෝමිනා ඡන්ඩ මාරුතය හේතුවෙන් එරට මහාමාර්ග තවදුරටත් අවහිරව ඇති අතර මැඩ්රිඩ් ගුවන්තොටුපල ද වසා දමා තිබෙනවා.
ඡන්ඩ මාරුතය හේතුවෙන් අධික හිමපතනයක් ද සිදු වනවා. මහාමාර්ග 400 ක් පමණ හිමෙන් වැසී පවතින්නේ. අත්‍යවශ්‍ය කටයුත්තකට හැර එරට ජනතාවට නිවෙස්වලින් පිටත නොයන ලෙසයි දැනුම් දී ඇත්තේ. බොහෝ රථවාහන තවදුරටත් මාර්ගවල සිරවී පවතින ආකාරය දැකගත හැකියි. පසුගිය සිකුරාදා ඇති වූ අයහපත් කාලගුණය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල අගල් 08 ක තරම් හිම තට්ටුවලින් වැසී පවතින ආකාරය දැක ගත හැකියි. ප්‍රදේශයේ උෂ්ණත්වය ද සෙල්සියස් අංශක සෘණ තිස් පහයි දශම හයක අගයක් ගෙන තිබෙනවා.
The post ස්පාඤ්ඤයට බලපා ඇති ඡන්ඩ මාරුතය හේතුවෙන් එරට මහාමාර්ග අවහිර වෙයි appeared first on ITN News.
Post a Comment