Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වාහන සොරා ගනිමින් කොටස් කර අලෙවි කළ ජාවාරමක් හෙළිකර ගැනේ  

Add comments

කුළී පදනම මත ලබා දෙන වාහන සොරා ගනිමින් කොටස් කර අලෙවි කළ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලීසිය සමත්වුණා. මුල්ලේරියාව පොලීසිය සිදු කළ වැටලීමකදී ජාවාරමට සම්බන්ධ මෝටර් රථ 16 ක් හා වෑන් රථයක් සොයාගෙන තිබෙනවා.

වාහන කුළියට ලබා දෙන ස්ථානවලින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර වාහන ලබාගෙන මෙම ජාවාරම සිදුකරගෙන ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ. ව්‍යාජ චැසි අංක යොදා ගැනීමෙන් වාහන අලෙවි කිරීම ද මෙම පුද්ගලයන් සිදුකර ඇති බව පොලීසිය පැවසුවා. කොටස් කර අලෙවි කරන ලද වාහන කිහිපයක් ද සොයා ගැනීමට හැකිවුණා. ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් යක්කල හා මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය පැවසුවේ. සීදූව, ගම්පහ, කොච්චිකඩේ, මුල්ලේරියාව ආදී ප්‍රදේශවලින් වාහන සොරා ගැනීම සිදුව තිබෙනවා. ප්‍රධාන සැකකරුවන්ට ව්‍යාජ හැදුනුම්පත් හා ලිපි ලේඛන සකස් කර දුන් ගම්පහ ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. පොලිස් භාරයට ගත් වාහනවල වටිනාකම රුපියල් කෝටි 7 කට ආසන්න වනවා. වාහන අයිතිකරුවන් කිහිප දෙනෙකු පිළිබද තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බවයි පොලීසිය පැවසුවේ. තමන්ගේ වාහන මෙලෙස අස්ථානගත වීමක් සිදුවුයේ නම් පොලීසියට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

The post වාහන සොරා ගනිමින් කොටස් කර අලෙවි කළ ජාවාරමක් හෙළිකර ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG