ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 532නෙකු හදුනාගැනුණා.
ඊයේ (07) හදුනාගත් ආසාදිතයින් අතර විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ සදහන් කළා. වැඩිම ආසාදිතයින් පිරිස වූ 226 දෙනා වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 72 නෙකුද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 දෙනෙකු ද හදුනාගෙන තිබෙනවා. ඒ අනුව අද උදෑසන වනවිට මිනුවන්ගොඩ ඇගළුම් කම්හල් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණ කොරෝනා පොකුර හතලිස් තුන් දහස් එක දක්වා ඉහළ ගොස් තිබුණා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් හය දහස් හත්සිය අසූවක්. ඉන් හය දහස් අටසිය අනූ හත් දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව හත්සිය හතලිස් හතක්.
මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස් නව දහස් හයසිය හැට එකක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.
ඊයේ දිනයේ ද තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වුණා. මීතිරිගල පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු, කොළඹ 14 පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙකු හා බේරුවල පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව දෙසීය විසි දෙකක්.
පොළොන්නරුව, කදුරුවෙල නගරය හා අවට ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් කිහිප දෙනෙකු වාර්තා වීමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයින් 40 දෙනෙකු නිවෙස්තුළම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්ලිව් ජේ ඩබ්ලිව් එස් කුමාරවංශ මහතා සදහන් කළා. ඔවුන්ගේ පීසිආර් පරීක්ෂණ ද සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
The post ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 532ක් – කොළඹින් 226ක් appeared first on ITN News.
Post a Comment