Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දහනව ලක්ෂය ඉක්මවයි  

Add comments

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දහනව ලක්ෂය ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දහනව ලක්ෂ හයදහස් හත්සිය හැත්තෑවක් ලෙස දැක්වෙනවා.

ගතවූ පැය 24 තුළදී ඉහළම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 4,134 ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හැත්තෑ හතරදහස් එකසිය විසිහතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වන ගෝලීය කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ අටකෝටි අසූපන්ලක්ෂ හයදහස් පන්සිය හැටහතරක් ලෙසයි.

 

 

 

 

 

The post ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව දහනව ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG