Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෝවා අස්වැන්නට සාධාරණ මිලක් නැහැ – ගොවීන්ගෙන් චෝදනා  

Add comments

පුත්තලම කල්පිටිය ප්‍රදේශයෙන් ලැබෙන සාර්ථක ගෝවා අස්වැන්නට සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවීන් චෝදනා කරනවා. ගෝවා කිලෝග්‍රෑමයක් මිලදී ගන්නේ රුපියල් 10 ක් වැනි මුදලකට බවයි ගොවීන් පවසන්නේ.

මෙවර ගෝවා වගාව කල්පිටිය අර්ධද්වීපය පුරා සාර්ථකව සිදුකර ඇත්තේ ගොවි පවුල් විශාල පිරිසකගේ දායකත්වයෙන්. එහෙත් තම අස්වැන්න අලෙවි කර ගැනීමට නිසි ක්‍රමවේදයක් හා ඊට නිසි මිලක් ලබා ගැනීම අසීරු වී ඇති බව ගොවීන් පවසනවා.

ගෝවා කිලෝග්‍රෑමයක් රුපියල් අටත් දහයත් වැනි මුදලකට වෙළෙන්දන් මිලදී ගන්නා බවත් ඒ හේතුවෙන් තමන්ට අසීරුතා රැසකට මුහුණ දීමට සිදුවී ඇති බවත් ගොවීන් පෙන්වා දෙනවා.

රජය මැදිහත් වී නිසි වෙළෙදපොලක් සකසා දෙන ලෙසයි එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

 

The post ගෝවා අස්වැන්නට සාධාරණ මිලක් නැහැ – ගොවීන්ගෙන් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG