Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 569ක් – වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ (12) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 569 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයෙකු බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

ඊයේ හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වූ 110 දෙනා කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් අසූ අට දෙනෙකු ද,  කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින්  52 නෙකුද ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇත්තේ, ආසාදිතයින් 37 දෙනෙකු පමණි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48951 ක්. ඉන් ආසාදිතයින් 6621 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 42090 ක්.

වව්නියාව නගරයේ අවධානම් සහිත කලාපයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති බව දිස්ත්‍රික් ලේකම් එස් එම් සමන් බන්දුලසේන මහතා පවසනවා. මේ හේතුවෙන් එම කලාපය ලබන 21 වනදා දක්වා අඛණ්ඩව වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. එම ප්‍ර දේශවලට ඇතුලුවීම සහ පිටවීම සපුරා තහනම් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. කොරෝනා අවදානම හේතුවෙන් දින පහක් තිස්සේ සිරවී තිබූ උතුරේ එළවළු අස්වැන්න අද සිට පිට පළාත් වෙත යැවීමද ආරම්භ වුණා.

මේ අතර පොළොන්නරුව මහ රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 4 දෙනෙකු හදුනාගැනීමත් සමග 21 වෙනි වාට්ටුව වසා දමා එය වෙනත් ස්ථානය ආරම්භ කිරීමට කටයුතු කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සදහන් කළා. මේ අතර පුනානි විශේෂ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ දස දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් කරා පිටත් කර හැරුණු බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

 

The post ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 569ක් – වැඩිම පිරිස කළුතර දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG