Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පවතින වැසි තත්වයේ අඩුවීමක්  

Add comments

පෙර දිනවලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ජල ගැලීම්වලින් යාපනය නුවර ඒ නයින් මාර්ගයේ ස්ථාන කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ නයින් මාර්ගයේ වව්නියාව කලුකුන්නම්මඩුව ප්‍රදේශය ජල ගැලීම්වලින් අවහිර වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින අධික වැසි සමඟ වැව් 361 ක් පමණ පිටාර ගැලීමේ තත්ත්වයට පැමිණ ඇති බව වව්නියාව ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. වව්නියාව වටරවුම පාරේ රජයේ නිල නිවාස කිහිපයක් ද ජලයෙන් යටව තිබෙනවා.

උතුරු පළාතට ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14 ක් විවෘත කිරිමට පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළා. පහත් බිම් ජලයෙන් යටවිමට ඉඩ ඇති බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

කවුඩුල්ල ජලාශයේ ද වාන් දොරටු 6 ක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් සෝමාවතිය මාර්ගය ඇතුලු පහත් බිම් රැසක් ජලයෙන් යටවි ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

රාජාංගනය ජලාශයේ ද වාන් දොරටු 12 ක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයෙන් විල්පත්තුවට ඇතුලුවීම මේ වන විට අත්හිටුවා ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. එළුවන්කුලම සපත්තු පාලම අසල නාවික හමුදා මුරපොළ ද ඉවත් කිරීමට කටයුතු කෙරුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහ වැසි සමඟ වැව් රැසක් පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මඩකලපුව නවගිරි වැවේ වාන් දොරටු 2 ක් විවෘත කිරීමටයි එහි ඉංජිනේරුවන් කටයුතු කළේ.

The post පවතින වැසි තත්වයේ අඩුවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG