Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට PCR පරීක්ෂණ 200ක්  

Add comments

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කල පී.සී.ආර් පරීක්ෂණාගාරය තුළින් දිනකට වාර දෙකක් තුළ පරීක්ෂණ දෙසීයක් සිදු කර ගැනීමේ හැකියාව ලැබී ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම රෝහලේ පරීක්ෂණ කටයුතු  අද (12) දින සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.මේ වන තෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර් පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදු කර ගෙන තිබෙන අතර අද (12) දින සිට පැය පහක් වැනි කාලයක් තුළදී මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකි වනු ඇත.එමගින් රෝහලේ දෛනිකව සිදු කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර සහ ශල්‍යකර්ම කඩිනමින් සිදු කිරීමට හැකි බව ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

එම පරීක්ෂණාගාරය ස්ථාපිත කිරීමට අවශ්‍ය රසායනාගාර උපකරණ සඳහා රුපියල් මිලියන 13 ක ආධාර තිස්ස ද සිල්වා පදනමෙන් සහ රුපියල් ලක්ෂ 50 ක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය හේමාස් ආයතනය මගින් ලබා දී ඇත. එම නවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා සම්බන්ධීකරණය සහ මගපෙන්වීම සිදු කරනු ලැබුවේ හෘද රෝග වි‌ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසිනි. අද පෙරවරුවේ මෙම රසායනාගාර කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත අයිතිය පැවරීමේ ලියකියවිලි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, තිස්ස ද සිල්වා පදනම නියෝජනය කරමින් ඩෙවන් පීරිස්, සුරංජන් පෙරේරා, ඔෂාන් සේනානායක, අනිල් ද සිල්වා, ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන ස්ටැන්ලි අමරසේකර, නිමාලි ප්‍රනාන්දු, වජිර සේනාරත්න, ජානකී අබේනායක යන මහත්මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී විය.

The post කොළඹ ජාතික රෝහලෙන් අද සිට දිනකට PCR පරීක්ෂණ 200ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG