Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අලි මිනිස් ගැටුම අවම කිරීමට කඩිනම් පියවර  

Add comments

හම්බන්තොට – සූරියවැව – යෝධ කණ්ඩිය – තිස්සමහාරාමය – මත්තල යන ප්‍රදේශයන්හි පවතින අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමත් ප්‍රදේශයේ හේන් ගොවීන් හා සුළු පරිමාණ ගොවීන්ගේ ඉඩම් ගැටලු සදහා විසදුම් ලබාගැනීමත් අරමුණු කරගත් විශේෂ සාකච්ඡාවක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (11) රාජගිරියේ පිහිටි වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී අලි මිනිස් ගැටුම අවම කිරීම පිණිස අබලන්ව ඇති විදුලි වැටවල් කඩිනමින් සකස් කර දීමටත්, අලි වැට හා අලි අගල් නඩත්තු කිරීම සදහා ප්‍රදේශයේ මරණාධාර සමිති හා ගොවි සංවිධානයන්හි සහාය ලබාගැනීමටත්, අලිවැට ඉදිකිරීමේදී සීමා මායිම් වලට කොටුවන අලීන්ට උඩවලව දක්වා ගමන් කිරීමට මාර්ගයක් (අලි කොරිඩෝවක්) සකස් කිරීමටත් යෝජනා වූ අතර, දෙසතියක් තුළ එකී යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස සී. බී.රත්නායක ඇමතිතුමා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට වනජීවී වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී සී. සූරියබණ්ඩාර, වන සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්. ඒ බණ්ඩාර යන නිලධාරීන් සමග අමාත්‍යංශයේ සහ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ද හම්බන්තොට – සූරියවැව යෝධකණ්ඩිය – තිස්සමහාරාමය යන ප්‍රදේශ වල ගොවි සංවිධාන හා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ද සහභාගී වූහ.

The post අලි මිනිස් ගැටුම අවම කිරීමට කඩිනම් පියවර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG