ඉතාලියේ නේපල්ස්හි රෝහලක රථගාලක් ගිලාබැස තිබෙනවා.
මේ හේතුවෙන් අඩි 50 ක පමණ පළලකින් යුත් කුහරයක් නිර්මාණය වී තිබෙනවා. එහි තිබූ රථ වාහන ද එම කුහරය තුළට ඇදවැටී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණයවී නැහැ. සිද්ධිය වූ ස්ථානයට හමුදා කණ්ඩායම් මෙන්ම ගිනි නිවන හමුදා යොදවා ඇති අතර සින්බුන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වනවා.
The post ඉතාලියේ නේපල්ස්හි රෝහලක රථගාලක් ගිලාබසි appeared first on ITN News.
Post a Comment