මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන්නා.
අන්තර්ජාල සූම් තාක්ෂණය ඔස්සේ බිත්තර නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේ දීයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ.
මහා පරිමාණ හා කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදක සංගම්වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවට එක් වුණා. අභිජනන සතුන්ගේ මිල පහත දැමීම වසරකට ගෙන්වන මව් සතුන් සංඛ්‍යාව අසූ දහසකට සීමා කිරීම සත්ත්ව ආහාර මිලදී ගැනීම හා ගබඩා කිරීම සඳහා ණය සහන ලබා ගැනීම ඇතුලු අංශ රැසක් පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. අදාළ ණය පහසුකම් ලබාදීම සඳහා කටයුතු කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නා. බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා වෙත දැනුම් දුන්නේ. වෙළෙඳපොළේ බිත්තර මිල මේ වනවිට පහල ගොස් ඇති බවද සාකච්ඡාවේ දී සඳහන් කෙරුණා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.


The post බිත්තර නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට අග්‍රාමාත්‍යතුමාගෙන් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් appeared first on ITN News.
Post a Comment