Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ලබා ගැනීම සඳහා කාඩ් පතක්  

Add comments

බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ලබා ගැනීම සඳහා කාඩ් පතක් හඳුන්වාදීමට මහර බන්ධනාගාර සිද්ධිය ගැන සොයා බලන පංච පුද්ගල කමිටුව නිර්දේශ කර තිබෙන බව කමිටුවේ සාමාජික ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා.

රැඳවුවන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කාඩ් පත් වෙත මුදල් ගෙවීම සිදුකළ යුත්තේ ඔවුන්ගේ ඥාතීනුයි. මත්ද්‍රව්‍ය ඇතුලු තහනම් ද්‍රව්‍ය  බන්ධනාගාර තුළට ගෙන ඒම පාලනය කිරීමට මෙමගින් ඉඩ ලැබෙන බවයි ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා සඳහන් කළේ. බන්ධනාගාර බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද කමිටුව නිර්දේශ කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ට නිසි අවි පුහුණුවක් ලබා දීම මෙන්ම හමුදා නිලධාරීන් විශ්‍රාම ගිය පසු බන්ධනාගාර සේවයට බඳවා ගැනීමට ද නිර්දේශ කෙරුණා. අධිකරණ අමාත්‍යවරයා පත් කළ පංච පුද්ගල කමිටුව මසක කාලයක් තුළ වාර්තාවක් ලබා දීමට කටයුතු කළා. රැඳවූවන් 200 දෙනෙකුගෙන් පමණ තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

The post බන්ධනාගාර රැඳවූවන්ට ආහාර ලබා ගැනීම සඳහා කාඩ් පතක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG