Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සාමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා – බංග්ලාදේශ එකඟත්වය  

Add comments

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා (Tareq Md. Ariful Islam) ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්ත පත්‍රය පිළිගැන්වීය.

අනතුරුව පැවති සාකච්ඡාවේදී ශ්‍රි ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය සහ කොවිඩ් 19 පාලනයට රජය ගෙන ඇති පියවර පැහැදිලි කළ ජනාධිපතිතුමා බංග්ලාදේශය ඇතුළු කලාපීය රාජ්‍යයන් සමග හඳුනාගත් ක්ෂේත්‍රවල ද්විපාර්ශවික සබඳතාව හැකි උපරිමයෙන් වර්ධනය කර ගැනීම සිය අභිලාෂය බව පැවසීය.

ඉන්දීය සාගරයේ පිහිටි රාජ්‍යයන් ලෙස සාමුද්‍රීය සහයෝගීතා වර්ධනයට විශාල ඉඩ කඩක් ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. තම රට ඊට ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇතැයි නව මහකොමසාරිස්වරයා කීය. කෘෂිකර්මය සහ අපනයන බෝග ප්‍රවර්ධනය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ වෙළෙඳාම සබඳතා ප්‍රසාරණය කළ හැකි සෙසු ක්ෂේත්‍ර ලෙස ජනාධිපතිතුමා විසින් නම් කරනු ලැබීය. විශ්ව විද්‍යාල මට්ටමේ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රමුඛ අවශ්‍යතාවකැයි එතුමා සඳහන් කළේය.

ශ්‍රි ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් දැනටමත් බංග්ලාදේශයේ උසස් අධ්‍යාපනයේ නිරතව සිටින බව සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා අන්‍යොන්‍ය ප්‍රතිලාභ ලැබෙන අයුරින් සිය රටේ අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව වෙනුවෙන් පුළුල් කිරීමට සූදානම් බව පැවසීය.

2018න් පසු ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු බංග්ලාදේශයේ චාරිකා කර නැතැයි සඳහන් කළ අරිෆුල් ඉස්ලම් මහතා නිල චාරිකාවක් සඳහා සිය රටට එන්නැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමාට කළින් කර තිබූ ආරාධනය යළි සිහිපත් කළේය.

රාජ්‍ය නායක මට්ටමේ සබඳතාවන්හි අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා වත්මන් දුෂ්කර සමය අවසන් වීමෙන් පසු ඒ පිළිබඳව අවධානය යොමු කරන බව කීය.

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද කථා බහට එක්ව සිටියහ.

The post සාමුද්‍රීය සහයෝගිතා වර්ධනයට ශ්‍රී ලංකා – බංග්ලාදේශ එකඟත්වය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG