පරිභෝජනයට නුසුදුසු කහ සහ එළඟිතෙල් තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මනික්පායි – කට්ටුඩේ ප‍්‍රදේශයේ දි. යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළා. කුඩා ලොරි රථයකින් ප‍්‍රවාහනය කරමින් තිබියදි කහ කුඩු කිලෝ ග‍්‍රැම් 25ක් , එළඟිතෙල් බෝතල් 276 ක් සහ තවත් ද්‍රව්‍ය ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සදහා මනික්පායි පොලිසියට භාරදි ඇති බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.
The post පරිභෝජනයට නුසුදුසු කහ සහ එළඟිතෙල් තොගයක් සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment