Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බෝයිං සමාගම රැකියා දහස් ගණනක් කප්පාදු කරයි  

Add comments

බෝයිං සමාගම රැකියා දහස් ගණනක් කප්පාදු කර ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ඒ ගුවන් යානා නිෂ්පාදනය පහල යාමත් සමඟ.

බෝයිං 37 මැක්ස් වර්ගයේ යානා කිහිපයක් පසුගිය කාල සීමාවේදි අනතුරට ලක්වුණා. ඒ සමඟ ගුවන් යානා නිෂ්පාදනය බිඳවැටුණු බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. පසුව ඇතිවු කොරෝනා වසංගතය සමඟ ගුවන් ගමන් අඩාල වී තිබෙනවා.

ගුවන් යානා නිෂ්පාදනය බිඳවැටීමට එම තත්ත්වය ද බලපා ඇති බවයි වාර්තා වන්නේ.

2019 වසරේ දි බෝයිං සමාගම නව ගුවන් යානා 380ක් නිෂ්පාදනය කර ඇති අතර එය පසුගිය වසරේ දි 157 දක්වා පහල බැස තිබෙනවා.

The post බෝයිං සමාගම රැකියා දහස් ගණනක් කප්පාදු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG