Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ONLINE ලොතරැයියෙන් රුපියල් මිලියන 673ක මුදලක් මහපොළ අරමුදලට අහිමි වෙයි  

Add comments

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා උපයාගත් රුපියල් මිලියන 673 ක මුදල මහපොළ භාරකාර අරමුදලට ලැබී නොමැති බව හෙළි වුණා.

කෝප් කමිටුව හමුවේදීයි මේ සම්බන්ධයෙන් කරුණු හෙළි වුණේ. මෙය මහා පරිමාණ දූෂණයක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා කියාසිටියා. එබැවින් නීතිපතිවරයා දැනුවත් කර විධිමත් පරික්‍ෂණයක් සදහා යොමු කරවන ලෙසයි කෝප් කමිටු සභාපතිවරයා වෙළෙද අමාත්‍යාංශයේ ලේකම් ජේ එම් භද්‍රානි ජයවර්ධන මහත්මියට දැනුම් දුන්නේ.

මහපොළ භාරකාර අරමුදල යටතේ පවතින පාලිත සමාගම්වල සුරැකුම්පත් ගනුදෙනු තුළින් ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලැබීම නිසා අලාභ සිදුවී තිබෙන බව මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ වර්තමාන තත්ත්වය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එම ආයතනය කෝප් කමිටුව හමුවට පැමිණීමට නෛතිකව බැදී නොමැති බව ජුලියස් ක්‍රේසි ආයතනය මගින් දන්වා තිබුණා. ඊට අප්‍රසාදය පළ කළ කෝප් කමිටුව ජුලියස් ක්‍රේසි ආයතනය කෝප් කමිටුව හමුවට පළමුව කැදවීමට තීරණය කළා.

 

 

 

 

The post ONLINE ලොතරැයියෙන් රුපියල් මිලියන 673ක මුදලක් මහපොළ අරමුදලට අහිමි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG